ලංකා ඊ නිවුස් කර්තෘ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මෛත්‍රී බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

ලංකා ඊ නිවුස් කර්තෘ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මෛත්‍රී බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

ලංකා ඊ නිවුස් සංස්කාරක ප්‍රදීප් සඳරුවන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ මෙරටට එවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) දිනයේදී බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මේ පිළිබඳ වාර්තා කරන සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය පවසන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සමග පැවති කෙටි සාකච්ඡාවක් අතරතුරදී  ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදුකර තිබෙන බවයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ජනාධිපති සම්බන්ධීකාරක ශිරාල් ලක්තිලක මහතා හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද මේ හමුවට සහභාගී වී ඇතැයි වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ලිපි පළකිරීමත් සමග ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පසුගිය නොවැම්බර් මස සිට විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් වාරණයට ලක්කෙරුණි.

ශ්‍රී ලංකා ගාර්ඩියන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න