මහින්දගේ බදු ප්‍රතිපත්තිය බන්දුල කියයි : ඒ, වක්‍ර බදු වැඩිකර - ගජමිතුරන්ට සහන දීමයි

මහින්දගේ බදු ප්‍රතිපත්තිය බන්දුල කියයි : ඒ, වක්‍ර බදු වැඩිකර - ගජමිතුරන්ට සහන දීමයි

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රජයක් පත්වූ වහාම නව දේශීය ආදායම් පනත සංශෝධනය කර  2006/10 පනතේ පිටු 44ක් පුරා ලබාදුන්  ආකාරයට සිය ගජමිතුරු නඩයට පමණක් බදු සහන ලබාදෙන බව එම පාර්ශවය  ප්‍රසිද්ධියේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ඒ  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (10)  පැවති උත්සවයකට එක්වෙමින් සිදුකර තිබෙන ප්‍රකාශයක් නිසාය.

එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ  2006 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළින් බදු සහන විශාල ප්‍රමාණයක් දුන් බවත් නව දේශීන ආදායම් පනත මඟින් එම සහන පිටු දෙකකට සීමා කර පසුගිය ආණ්ඩුවෙන් ලබාදුන් බදු සහන කප්පාදු කර ඇති බවද ඔහු සඳහන් කර ඇත. 

එහෙත් එම බදු සහන මොනවාද යන්න හෝ දැනට නව දේශීය ආදායම් පනත හරහා ඉපයීමට අපේක්ෂිත බදු ආදායම 20%කින් අඩු කිරීමට සංශෝධනය කරන බදු කොන්දේසි මොනවාද යන්නද කිසිඳු අවස්ථාවක ඔවුන් සඳහන් කරන්නේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න