මඩ මෛත්‍රීගේ බොරුවලට එරෙහිව නලින්ද නඩු මගට !

මඩ මෛත්‍රීගේ බොරුවලට එරෙහිව නලින්ද නඩු මගට !

තමන් සම්බන්ධයෙන් බොරු ප්‍රචාර ගෙනයන මෛත්‍රී ගුණරත්න නැමැත්තාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පසුගිය 09 වනදා රාත්‍රී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල පළවූ එම සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කර තිබේ.

“මා විසින් මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා හරහා ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මෛත්‍රී ගුණරත්න විසින් කරන ප්‍රකාශය පිළිබඳව…

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගැනීම පිළිබඳ කරුණු සහිතව හෙළිදරව් වූ අය දැන් ඒ චෝදනා අන් අය මත පටවා, තමන්ට එල්ලවී ඇති චෝදනා නොමග යැවීම සඳහා පසුගිය දින කිහිපය පුරා උත්සාහ කරණු ලැබීය. මේ “මෛත්‍රීගේ” හඬ පිටුපස සිටින පුද්ගලයා කවුදැයි හඳුනාගැනීම අපට අපහසු නැත.

මේ පිළිබඳව මෛත්‍රී ගුණරත්නට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.

කප්පරක් දූෂණයේ යෙදෙමින් මුළු සමාජයම ගඳගස්වන මෙවැනි පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීම ජනතාවට බාර කරමි.” යැයි ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

Nalinda Jayathissa FB

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න