ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ ගෝඨාභය අතර විශේෂ හමුවක් !

ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ ගෝඨාභය අතර විශේෂ හමුවක් !

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් 16 සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කර ඇත්තේ   තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවය.

එසේම ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත.

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 මන්ත‍්‍රී කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක ආර්.සම්පන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න