රාජපක්ෂ සමයේ සිදුකල අපරාධ කිහිපයක විමර්ශන කඩිනම් කරයි !

රාජපක්ෂ සමයේ සිදුකල අපරාධ කිහිපයක විමර්ශන කඩිනම් කරයි !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් පැහැරගැනීම සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිදුවීම් කිහිපයකට අදාළ විමර්ශන මෙම වසර අවසානයට පෙර අවසන් කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඉකුත්දා පැවති හමුවකදී තීරණය කර ඇති බව මව්බිම පුවත්පත වාර්තා කර ඇත.

වාර්තා කර ඇති ආකාරයට සම්මුති ආණ්ඩුවේ කටයුතු සම්බන්ධව මතුවී ඇති මතභේද ඉවත්කර එය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධව සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි ජ්‍යෙෂ්ඨයින් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ හමුවී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

අදාළ තීරණය සම්බන්ධව පොලිස්පතිවරයා කැඳවා ඒ මොහොතේදීම අවශ්‍ය උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවද එම පුවතේ සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න