බැඳුම්කර සල්ලි ගැන අහන්න : දයාසිරි CID කැඳවයි !

බැඳුම්කර සල්ලි ගැන අහන්න : දයාසිරි CID කැඳවයි !

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් සිද්ධියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරන ආකාරයට මෙහිදී හුදු ප්‍රකාශයක් පමණක් ලබා ගැනීමට නියමිත අතර අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැත.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක්  ඇතිවූ අතර ඊට අදාළ විශේෂ  ප්‍රකාශයක් කරමින් දයාසිරි මන්ත්‍රීවරයා තමන්ට 2015  මැතිවරණ සමයේ රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී ඇති බව පිළිගනු ලැබිණ.

එසේම මීට අදාළ  සාක්ෂි සහිත වාර්තාවක් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නඩු විභාගය හමුවේද ඉදිරිපත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න