ගොඩහේවාගේ වංචා නඩුව ඔක්තෝබරයට කල්යයි !

ගොඩහේවාගේ වංචා නඩුව ඔක්තෝබරයට කල්යයි !

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් නීතිවරෝධී ලෙස ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය ඔක්තෝබර් 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය  නියම කර ඇත.

එම නඩුව අද(11) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කල අතර ඊට හේතුවූයේ  විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් නඩු විභාගය කල් දමන මෙන් ඔහුගේ නීතිඥවරුන් සිදුකල ඉල්ලීමක්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වූ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ කටයුතු සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් නීති විරෝධී ආකාරයට ලබාදීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න