රවීට යළිත් ඇමතිකම ! 

රවීට යළිත් ඇමතිකම ! 

හිටපු අමාත්‍ය  රවි කරුණානායකට එළැඹෙන සතියේදී යලිත් අමාත්‍යධුරයක් හිමිවන බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඉදිරියේදී එජාප පසුපෙල මන්ත‍්‍රින් 06 දෙනෙකුට නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමක් ද සිදුවීමට නියමිතව ඇති අතර ඊට සමගාමීව රවී කරුණානායක මන්ත්‍රීවරයාට මෙම අමාත්‍යධුරය ලබාදීමට නියමිතව ඇත.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධයක් පලව නැති බවද වාර්තා වන අතර රවී  කරුණානායක මන්ත්‍රීවරයා  සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් මාස දෙකක් තුල ඒවා ගොනු කරන ලෙස දන්වා තිබූ කාලය  එළැඹෙන 15 වැනිදායින් අවසන් වන අතර නීතිපති දෙපාර්තමේන්තුවද   මන්ත්‍රීවරයාට  කැබිනට් ඇමති ධුරයක් ලබා නොදීමට තරම් කාරණාවක් නැති බව දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න