"එළිය" කියන විදිහට වැඩ නොකළොත් දැඩි දඬුවම් : විශ්‍රාමික රියර් අද්මිරාල් දිව්රයි !

"එළිය" කියන විදිහට වැඩ නොකළොත් දැඩි දඬුවම් : විශ්‍රාමික රියර් අද්මිරාල් දිව්රයි !

තම මතවාදයට එරෙහිව කටයුතු කරන පාර්ශවයන්ට  දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ  වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන බව විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කර ඇත.

උතුරු පළාතේ  විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරමින් ඔහු මෙසේ අවධාරණය කල අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුණු යුද හා දේශපාලන නායකත්වය කොන් කිරීම බවට ද චෝදනා නැගීය.

ඊයේ (12) කොළඹදී පැවැති 'එළිය' සංවිධානයේ මාධ්‍ය හමුවකදී විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා මේ බව සඳහන් කල අතර   කර්නල් රත්නප්‍රියට දෙමළ ජනතාව සලකපු විදිහ කවුරුත් දුටු බවත් විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා  ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

එසේම මේ රටේ ඉන්නේ නිවට පාලකයන් බවත් ඒ තුල  රට පියවරෙන් පියවරට වෙනම රාජ්‍යයක් කරා ගෙන යනබවත් සඳහන් කර තිබේ.

තවද රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් මත ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ගෙනවිත් ඇති බවත් ඒ  13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න තිබෙන බාධක ඉවත් කිරීමට බවත් එහිදී ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න