නඩරාජා රවිරාජ් ඝාතන නඩු තීන්දුව අහෝසි කරන්න : නීතිපතිගෙන් අභියාචනයක් !

නඩරාජා රවිරාජ් ඝාතන නඩු තීන්දුව අහෝසි කරන්න : නීතිපතිගෙන් අභියාචනයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා නිලධාරීන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචනය අගෝස්තු මස 02  වනදා විභාගය සඳහා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

මෙම අභියාචනය දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද (13) කැඳවනු ලැබූ අතර එහිදී එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරුන් මෙම නියෝගය නිකුත් කර ඇත.

නීතිපතිවරයා තම අභියාචනයෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාවෙන් තීරණය මත කොළඹ මහාධිකරණය විසින් නිකුත් කල තීන්දුව  නීතියට පටහැණි බවය.

එම නිසා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට 2016 වසරේ දෙසැම්බර් මස කොළඹ මහාධිකරණය ගත් තීන්දුව අහෝසි කොට විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්  නීතිපතිවරයා  අභියාචනයෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න