අත්අඩංගුවට ගැනීම වළක්වාලන්න : ගෝඨාභය ගොනුකළ පෙත්සම හෙට විභාගයට

අත්අඩංගුවට ගැනීම වළක්වාලන්න : ගෝඨාභය ගොනුකළ පෙත්සම හෙට විභාගයට

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන "සහතිකය" නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම හෙට(14) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (13) නියමකර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර මෙහිදී විනිසුරුවරුන්  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දන්වා සිටියේ පෙත්සම්කරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට දින අධිකරණය දැනුවත් කරන ලෙසය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදාළ පත්සම ගොනුකරමින්  අභියාචනාධිකරණයට දන්වා ඇත්තේ  මැදමුලන ඩී. ඒ.   රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට සූදානම් වන බවත් ඒ සඳහා පොලිසිය විසින් දැනටමත් පොදු දේපල පනත යටතේ සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත්ය. එසේම  එම සහතිකය ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවද පෙත්සමේ පෙන්වාදී ඇත.

ඒ අනුව අදාළ සහතිකය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර පාර්ශවය  අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ අතර අදාළ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන සහතිකය මත පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියා කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පොලිසිය වෙත දැනටමත්  තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න