සමගිය හා එජාපය එක්වීම ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මොකද වුණේ...? ජාතික සංවිධායක තිස්ස මාධ්‍යට කියයි

සමගිය හා එජාපය එක්වීම ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මොකද වුණේ...? ජාතික සංවිධායක තිස්ස මාධ්‍යට කියයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ දී එකට වැඩ කළ යුතු ය යන යෝජනාව සඳහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය පළවූයේ යැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අතිතනායක පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක...

සාකච්ඡා සුභවාදීව සිදුවෙනවා

‘‘සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ දී එකට වැඩ කළ යුතුයි යන යෝජනාව සඳහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය පළ කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන එඟතාවයන් සහ සාකච්ඡාවන් මෙහෙයවීම සජිත් ප්‍රේමදාස වෙත කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පවරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවන් සෘජු ලෙස ම සජිත් ප්‍රේමදාස ගේ අධික්ෂණයත් මැදිහත්වීමත් මත සිදුවෙනවා. ඒ අනුව සාකච්ඡාවන් සුභවාදීව සිදුවෙනවා. සමගි ජනබලවේගයේත් එක්සත් ජාතික පක්ෂයෙත් සාමාජිකයන් ගේ බලාපොරොත්තුව වන්නෙත් පක්ෂ දෙකේ එක්වීම යි.

ඉදිරි මැතිවරණවල දී එක්ව තරග කරනවා

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති වුයේ සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන්.  ඒනිසා එකට වැඩ කොට ජයග්‍රහණය කළ යුතුයි යන ස්ථාවරය පාක්ෂිකයින් විසින් ඇති කර ගැනීම වරදක් නැහැ. සමගි ජනබලවේගය මූලික වුණ දේශපාලන සන්ධානයක් මේ වනවිට ගොඩනගා තිබෙනවා.  එක්සත් ජාතික පක්ෂය සමග එකට වැඩ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂ දෙක කටයුතු කරන ආකාරය පක්ෂ දෙකේ කෘත්‍යාධිකාරි මණ්ඩල තිරණය කරනවා. පක්ෂ දෙකේ සාකච්ඡා ගැන ප්‍රගතිය සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණවල දී එක්ව තරග කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් තිරණ අරන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න