අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමහර පුද්ගලයන් අනවශ්‍ය විදිහට විවේචනය කළ ද, තමන් එලෙස විවේචනය නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසිය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැවසුවේ ඔවුන් මේ ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවූ බවයි.
“අපි දිගටම කිව්වේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සම්පුර්ණයෙන් ම එකඟයි…නමුත් ඒකෙ තිබිච්ච වෙන වෙන ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ… මේක කරගෙන යන්න පුලුවන්නම් ඇයි දෙයියනේ මේක අවුරුද්දකින් postpone කළේ? යනුවෙන් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා කුළුණු 5ක් පිළිබඳව පැවසුව ද, ඉන් 4ක් සම්බන්ධව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය.
රජය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධාන කුළුණු 5ක් (5 Pillars) හඳුන්වා දී ඇත. විෂය මාලා ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව සහ සංවර්ධනය, පාසල් පද්ධතියේ සහ යටිතල පහසුකම්වල නවීකරණය, විභාග හා ඇගයීම් ක්‍රමවේද වෙනස් කිරීම සහ අධ්‍යාපන පරිපාලනය සහ ඩිජිටල්කරණය, වැනි අංශ ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් වේ.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා චෝදනා කළේ ඉන් එක් කුළුණක් පිළිබඳව පමණක් කතාබහක් පවතින බවත්, ඉතිරි කුළුණු 4 සම්බන්ධයෙන් කිසිදු විධිමත් සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවත්ය.
1981 JR ජනාධිපති සමයේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති ලෙස ආරම්භ කරන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාව ගැන සාකච්ඡා කිරීම නවතා, මෙතෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට නොදුන් ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා වගකිව යුතු බව ඔහු පවසා සිටියේය..
Website එකක් තමන්ට අදාළ නොවන බව සඳහන් කරමින් හර්ෂ ද සිල්වා පවසා සිටියේ කවුරුන් හෝ වැරදි ලෙස එවැනි දෙයක් කර තිබේ නම් ඔවුන්ව එළවා දැමිය යුතු බවයි. තාක්ෂණික දෝෂයක් හෝ වෙබ් අඩවියක ප්‍රශ්නයක් මුල් කරගෙන සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම වසරකින් කල් දැමීම අසාධාරණ බව ඔහු කියා සිටියේය.
ඉන් ඔබ්බට ගොස්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමා කොන්ද කෙලින් තියාගෙන, සිදු වූ වරද පිළිගෙන එය වෙනස් කරගනිමින් මෙය සිදු කිරීමට එකඟ වන ලෙස ඔහු ආණ්ඩුවට අවධාරණය කර පවසා සිටියේය.
එදා එම ප්‍රතිසංස්කරණවලට ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඇතුළු පිරිස් දැඩි ලෙස විරුද්ධ වූ අතර, එම නිසා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය වීමට තිබූ අවස්ථාව දශක කිහිපයකින් පස්සට ගිය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

