මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙයන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
එම යතුරුපැදි අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක් ද තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18ත් 23ත් අතර තරුණයින් බව පොලීසිය කියයි.
මේ අතර කොළඹ මාතලේ බස් රථයක රියදුරු බලපත්‍රය නොමැතිව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මාතලේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මෙම වැටලීම් සිදු කර ඇත.
අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

