වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි 165,200ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි තොරතුරු අනුව රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 16.52 ක් බව සඳහන් වේ.
ඉදිරි විමර්ශන සඳහා දුම්වැටි සහ සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
