ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත.
ඒ අනුව අදාළ පත්වීමේ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22) ලබාගත්තේ ය.
ඒ, නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී ය. තව ද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කර ඇත.
රමේශ් පතිරණ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළේ ය. අද දින රමේශ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක් ද මෙසේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
