ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2025 දෙවන අදියර - අනුමත කෘති සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2025 දෙවන අදියර - අනුමත කෘති සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ

නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළ ඉදිරිපත් වූ අත්පිටපත් අතරින් හොඳම අත්පිටපත් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ දෙවන අදියර 2026 ජනවාරි මස 21 වන දින මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.

මේ යටතේ ශාස්ත්‍රීය කෘති 02ක්, විවිධ ශානරය යටතේ කෘති 03ක්, කෙටිකතා 02ක්, නවකතා 02ක්, කවි පොත් 01ක් සහ ළමා හා යොවුන් ව්‍යාපෘතිය යටතේ ඉදිරිපත් වූ කෘති 03කට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණ.

මෙහි දී ශාස්ත්‍රීය කෘතියක් වෙනුවෙන් රු. 150,000ක මුදලක් ද, නවකතා කෘතියක් සඳහා රු. 125,000ක මුදලක් ද, කෙටිකතා කෘතියක් වෙනුවෙන් රු.100,000 මුදලක් සහ කවි, ළමා සාහිත්‍ය හා ළමා කතන්දර කෘති වෙනුවෙන් රු.75,000ක් වශයෙන් ප්‍රදානය කෙරිණි. ඒ අනුව 2025 වර්ෂය වෙනුවෙන් තෝරාගත් අත්පිටපත් 33ක් සඳහා රු. ලක්ෂ 32ක ආසන්න මුදලක් ආධාර වශයෙන් ලබා දී ඇත.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩ‍ලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් ගේ ප්‍රධානත්වයෙන් මෙම චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණ.

book2.jpg

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න