බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගතවීම උන්වහන්සේගේම කුමන්ත්‍රණයක් බවත් එම හිමියන් මහා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි.
සමාජ ජාල වෙබ් අඩවියක් සමඟ සජීවී ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඥානසාර හිමියන් නිසා රටට මහා අනතුරක් ඇති බවද ඔහු සඳහන් කර ඇත.
එම හිමියන් චම්පික රණවක අමාත්‍යවරයාගේ ගෝලයෙකු බවත් 2005 ජනාධිපතිවරණයේ දී උන්වහන්සේ රනිල් වික්‍රමසිංහ වෙත සහය දුන් බවත්, 2010 දී සරත් ෆොන්සේකාට සහය දක්වා 2015 දී ආණ්ඩුව පෙරළීමට චම්පික අමාත්‍යවරයා සමඟ කුමන්ත්‍රණය කල බවද ඔහු චෝදනා එල්ල කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන කාර්යාල විවෘත කිරීමට පවා ඔහුට ආරාධනා කරමින් , ඒ අතර තුර 2015 දී හංසයාට එකතු නොවී වෙනම රැස්වීම් පවත්වමින් මහින්දට සහය දෙන්න කියූ බවත් එය මහින්දගේ පරාජයට හේතු වූ බවද ඔහු පවසා ඇත.
කෙසේ වුවත් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටින්නේ අජිත් ප්‍රසන්න විසින් සාවධ්‍ය අදහස් පතුරවමින් ඥානසාර හිමියන්ට අපහාස කරන්නෙකු බවත් දේශපාලන ඉඳුල් කන මේ පිරිස් ගැන දැඩි කළකිරීමක් ඇති බවය.
එම සංවිධානයේ සභාපතිවරයා ද සජීවී වීඩියෝවක් මුදාහැර මේ බව සඳහන් කර ඇත.
වැරදි දේශපාලනයකට කඩේ යන අජිත් ප්‍රසන්න මේ අයුරින් හැසිරෙන බවත් ඔහුගේ මතය සැබෑවටම යුද්ධයෙන් ආබාධයට පත්වූ සෙබළුන්ගේ මතය නොවන බවද ඔහු සඳහන් කර සිටියි.

