මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයින් දසදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත මෙම ප්‍රබල දේශපාලනඥයින් ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටියි.
මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති දේශපාලනඥයින් අතර හිටපු අමාත්‍යවරියන් දෙදෙනකු, අමාත්‍යවරුන් දෙදෙනකු, වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇතුළු ප්‍රසිද්ධ දේශපාලනඥයින් කීපදෙනකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම දේශපාලනඥයින් දසදෙනාට ම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී ශිරාන් බාසික්, වරින් වර විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම පසුගිය රජයක සිටි ප්‍රබල අමාත්‍යවරයකු ශිරාන් බාසික්ට අනවසර ඉඩම් ගොඩකර මහල් නිවාස සහ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බව ද අනාවරණය වී තිබේ. එම කටයුතු වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා ශිරාන් බාසික් ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් වරින් වර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි. ශිරාන් බාසික් දීර්ඝ කාලයක සිට මෙම දේශපාලනඥයින් වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කර ඇති බවද මේ වනවිට හෙළිදරව් වී තිබේ.
මේ සම්බන්ධවෙයන් කළ විමසීමක දී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ, ශිරාන් බාසික් ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවන තොරතුරු මත එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා පවත්වමින් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් සියලු ම දේශපාලනඥයින් ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.
මේ වනවිට රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් කරගෙන යන අතර ඔහුට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරගෙන යන බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
මුලාශ්‍ර - News Alerts LK
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
