Image

නලින් 'හෑවගේ' ගේ ප්‍රකාශය අපි නියපිටින් හෝ ගන්නෙ නැහැ - ලලිත් ධර්මසේකර (වීඩියෝ)

නලින් 'හෑවගේ' ගේ ප්‍රකාශය අපි නියපිටින් හෝ ගන්නෙ නැහැ - ලලිත් ධර්මසේකර (වීඩියෝ)

වයස අවුරදු හතළිහක් වන තුරු ත්‍රී රෝද රථ පැදවීමේ බලපත්‍රය නිකුත් නොකරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය තමන් ප්‍රමුඛ ත්‍රී රෝද රථ රියදුරන් සහ හිමිකරුවන් නිය පිටින් හෝ බාර නොගන්නේ යැයි ශ්‍රී ලංකා ත්‍රී රෝද රථ රියදුරන් ගේ සහ හිමිකරුවන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Mawbima youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ නලින් හේවගේ මාලිමා ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වෙහෙස මහන්සියෙන් කටයුතු කළ ද ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහු විසින් නිකුත් කරනු ලබන සියලු ප්‍රකාශ ආණ්ඩුව අපහසුතාවට පත් කරන ප්‍රකාශ ලෙස තමන් දකින බවයි.

මතු පළ වන්නේ ලලිත් ධර්මසේකර Mawbima youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව ය.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න