නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වඩා පැරණි, අපරාධ සඳහා යුක්තිය පසිඳලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරීමට නම් එහි ස්වාධිනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී නිතිපතිවරයා ගේ කාර්යට බලපෑම් සිදු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
නීතිපතිට කාගේ හෝ ගැත්තකු විය නොහැකි යි
මෙහි දී නීත්‍යනුකූල රාමුව තුළ සැම විටම කරුණු සහගතව කටයුතු කළ යුතු යි. නීතියෙන් ලබා දී ඇති අභිමානය භාවිත කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍යයට අනුව යි. නීතිපතිවරයාට සුවිශේෂී ව්‍යවස්ථාමය තත්ත්වයක් ඇති නිසා ඔහුට කාගේ හෝ ගැත්තකු විය නොහැකි බැවින් නීතිපති ධුරය ස්වාධින ධුරයක් විය යුතු යි. නීතිපතිවරයාට අර්ධ අධිකරණ බලයක් තිබෙනවා. නඩු පැවරීම සහ ඉල්ලා අස් කර ගැනීම ගැන අපක්ෂපාතී තීරණ ගත හැකි විය යුතු යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් සභාව අනුමත කිරීමෙන් පසුව පමණක් නිතිපතිවරයා පත් කරන්නේ ද කියා ඉදිරිපත් කරන්න. මෙය විධායකය සතු තනි බලයක් නොවේ. ඒ අනුව නිතිපතිවරයාගේ ස්වාධිනත්වයේ පාරිශුද්ධත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ආරක්ෂා කර තිබිය යුතු යි. නිතියේ ආධිපත්‍ය සුරක්ෂා වන ආකාරයට ස්වාධීනව විශේෂඥ දැනුම මත නීතිපතිවරයාට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම රජය විසින් සලසා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. මේ කරුණු කාරණා තුළ නීතිපතිවරයාට කටයුතු කරන්න නිදහස් පරිසරය ලබා දී තිබෙනවා ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.
නැවත පොලිස් රාජ්‍යයක් ඇති වීමට ඉඩ දිය නොහැකි යි
2002 අංක 5දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතේ 3වැනි වගන්තිය අනුව පොලිස්පති හා නීතිපති ධුර දරන්නන් අනිසි චෝදනාවලට ලක්වීම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන්න. පසුගිය කාලයේ හිටපු පොලිස්පතිවරයා ගේ අක්‍රමිකතා ගැන විපක්ෂය පවා කතා කළා. එදා තිබුණු පොලිස් රාජ්‍ය පරාජය කළ නිසා නැවත පොලිස් රාජ්‍යයක් ඇති වීමට ඉඩ දිය නොහැකි යි. නිතිපතිවරයාට අනිසි බලපෑම්වලින් තොරව නිවැරදිව ස්වාධිනව කටයුතු කරන්න අවස්ථාව දිය යුතු යි. නීතිපතිවරයාගේ රාජකාරි ඉලක්ක කර ගෙන සෘජුව හා වක්‍රව සංවිධානාත්මක ලෙස චෝදනා රැල්ලක් නැගී ඇති නිසා ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කර, නීතිපතිවරයා ගේ ස්වාධිනත්වය ආරක්ෂා වන පරිදි මේ සංවිධානාත්මක චෝදනා නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කළ යුතුයි. භාෂණයේ නිදහස ඇති රටක් ලෙස අප රට තුළ වැරදි චෝදනා ඉදිරිපත් වීම වැළැක්වීමට කටයුතු කළ යුතු යි. අඩුපාඩු ඇත්නම් නිවැරදි නිතිමය ක්‍රියාමාර්ග ගත යුතු යි. නීතිපතිවරයා ගේ ස්වාධිනත්වය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පෙනී සිටින අයට පවා දැන් පහර පිට පහර දෙනවා. මේ පහර ගැසීම් සිදු කරන්නෙ වෙබ් අඩවි හරහා යි. මෙසේ අධිකරණ ඇමතිවරයාට සහ නීතිපතිවරයාට චෝදනා කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යි.''

