විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්‍යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
උතුරු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය වැනි කාර්යයන් මෙම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ එය යටතේ ක්‍රියාත්මක වන විදාතා වැඩසටහන, වවුනියාව විශ්ව විද්‍යාලය සමග එක්ව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ තවත් ප්‍රමුඛ වැඩසටහනක් වන විදාතා වැඩසටහනේ අරමුණ වන්නේ ගමට තාක්ෂණය ගෙන යාමයි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන දැනුම ගමට ගෙන එමින් ග්‍රාමීයව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට සහාය වීමත්, ඒ තුළින් ශ්‍රී ලාංකාව පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට සුදුසු තාක්ෂණයන් බිම් මට්ටමට මාරු කිරීමත් විදාතා වැඩසටහන තුළින් සිදු කරයි. එම වැඩසටහනේ සංවර්ධිත ඉදිරි පියවරක් ලෙස තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සිදුකෙරේ. මෙහිදී වවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව‍්‍යාපාරිකයින් ඉහලට ඔසවා තැබීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. මුල් අදියරේ දී රාජ්‍ය විශ්ව විද‍්‍යාල අශ්‍රිතවත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන 24 ක් මෙලෙස පිහිටුවීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඊට අනුබද්ධ ආයතන මෙන්ම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන, කෘෂිකර්ම, ධීවර සහ ජලජ සම්පත් වැනි අමාත්‍යාංශයන් සහ වෙනත් පර්යේෂණ සමග සහයෝගීතාවෙන් කටයුතු කෙරේ.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව එම පරිශ්‍රයේ දී මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණ හා පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල සහ සමාගම් ඒකාබද්ධව විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. ඊට අමතරව වව්නියාව, මුලතිවු හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සමාජ (YIC) සහ පාසල් විද්‍යා සංගම් (SSS) 172 ක් පිහිටුවීම වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.ෙ

