කතානායකවරයා ගේ වංචනික බව දැන් හොඳට ම පැහැදිලියි - දිනේෂ් අබේකෝන්

කතානායකවරයා ගේ වංචනික බව දැන් හොඳට ම පැහැදිලියි - දිනේෂ් අබේකෝන්

කතානායකවරයා දිගින් දිගට ම අදාළ තොරතුරු ලබා දීම පැහැර හැරීම තුළ ඔහු ගේ වංචනික භාවය පිළිබිඹු වන අතර ම කිසිම වරප්‍රසාදයක් එපා යැයි පවසමින් බලයට පත් වුණු මාලිමා ආණ්ඩුව අද කරමින් සිටින්නේ පැවසූ දේට ඉඳුරා ම පටහැනි දේ යැයි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ තොරතුරු දැන ගැනීමේ පනතේ විධි විධාන ප්‍රකාරව නැවතත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ තොරතුරු විමසමින් ලිපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක් වු දිනේෂ් අබේකෝන්...

මාලිමාව කිව්වෙ එකක් කරන්නෙ තව දෙයක්

''2025 ජුලි මස 09 වන දින 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිළධාරි අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් හා විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කෙරුවා. එම ලිපියේ  වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න භාවිතා කරන නිල නිවාස හා එහි කාර්ය මණ්ඩල, නිල නිවාසවල පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්, භෝජන සංග්‍රහා පිළිබඳ විස්තර, ඒ සඳහා පාර්ලිමේන්තු සැපයුම් අංශයෙන් ආහාර ලබා ගෙන තිබේ ද? ඒ පිළිබඳ විස්තර මෙන්ම කතානායකතුමා භාවිතා කරන වාහන පිළිබඳ විස්තර ආදිය සඳහන් කර තිබුණා. මේ වනවිට මාස 06  පමණ කාලයක් ගතවෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තොරතුරක් මේ වනතෙක් අපිට ලැබිලා නෑ. කතානායකතුමා වාහන තුනක් භාවිතා කරනවා. නිල නිවාස දෙකක් භාවිතා කරනවා. ඒ වගේම කතානායකතුමා පාර්ලිමේන්තුවේ සියලු වරප්‍රසාද භාවිතා කරනවා. කිසිම වරප්‍රසාදයක් එපා කියලා බලයට පත් වුණු මේ මාලිමා ආණ්ඩුව අද මේ කරගෙන යන්නේ ඔවුන් කියපු දෙයට ඉඳුරාම පටහැනි දෙයක්. ඒ නිසා අපි අද ආවේ නැවත වතාවක් පාර්ලිමේන්තු තොරතුරු නිලධාරින්ට මේ ලිපිය බාර දෙන්න. අපිට පේනවා කතානායකතුමා දිගින් දිගටම මේ තොරතුරු ලබා දීම පැහැර හැරීම තුළ කතානායක ගේ වංචනික බාවය.

කතානායකවරයා ලජ්ජා විය යුතුයි

කතානායකවරයාට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා. මුළු පාර්ලිමේන්තුව ම අපකීර්තියට පත් වෙලා තියෙනවා. ඉතිහාසයේ මෙවැනි චෝදනාවට අප කීර්තියට පත් වුණු කතානායකවරයෙක් ඉදලා නෑ. මේ වනවිට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ගේ වැඩ තහනම් කරලා තියෙනවා. අපි කතානායකවරයා පිළිබඳව තොරතුරු ඉල්ලා සිටියා ම කතානායකවරයා විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ගේ වැඩ තහනම් කරනවා. මේකද මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? නව ජනතා පෙරමුණ විදිහට අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අපි ලබා දීලා තියෙනවා කතානායකවරයා භාවිතා කරන වාහනවල ඉන්ධන සම්බන්ධව පැමිණිල්ලක්. ඔහු පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ඉන්ධන සහ  කතානායක තනතුරේ ඉන්ධන දීමනාවත් ගන්නවා. නමුත් විපක්ෂයේ අපි සම්බන්ධ කුමන හෝ පෙත්සමක් ආවොත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ල්ස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවත් වැඩ කරන්නේ පිස්සු බල්ලෝ වගේ. ඒ පිළිබඳව අපේ අම්ම ගෙන් ගිහින් අහනවා, අපේ පුංචිඅම්මාල ගෙන් ගිහින් අහනවා. අපේ සහෝදර සහෝදරියන් ගෙන් ගිහින් අහනවා. අපි සාක්ෂි සහිතව පැමිණිලි කරලා තියෙද්දිත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වත් මේ ආණ්ඩුවේ කිසිම මැති ඇමතිවරයෙක් සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ. කතානායකතුමන් ලැජ්ජ වෙන්න ඕන. විපක්ෂය විසින් විශ්වාස භංගයක් ගේනකන් ඉන්න එපා. ඔබතුමා ඔය තනතුරේ ගෞරවය රැකලා ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න.

තොරතුරු ලබා නොදෙන්නේ කතානයකවරයා දූෂිත හා වංචනික නිසා

කලින් රන්වල කතානායකතුමා  පත්වුණා හොර උපාධි සහතිකයක් එක්ක. දැන් කතානායකවරයා ඊටත් වඩා  දුෂිතයි. ඒතුළින් කතානායක තනතුර සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. කතානායක තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වගේම රටේ තුන්වන පුරවැසියා. අපි ඉල්ලා සිටින්නේ ඔබතුමා බය නැතුව නිවරදි නම් මේ තොරතුරු අපිට ලබා දෙන්න. මෙම තොරතුරු ලබා නොදෙන්නේ කතානයකතුමන් දූෂිත හා වංචනික නිසා බව අපට පැහැදිලියි. ඒ නිසා නව ජනතා පෙරමුණ වන අප විසින් නැවතත් ඉල්ලා සිටිනුයේ ඔය කතානායක තනතුර හෑල්ලුවට ලක් නොකොට එම තනතුරේ ගෞරවය ආරක්ෂා කර කතානායක තනතුරෙන් ඔබතුමා ඉල්ලා අස්වන ලෙස යි.'' 

මෙම අවස්ථාවට මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා සහ  පක්ෂ ක්‍රියාකාරි ප්‍රකාෂ් සඳරුවන් ද සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න