වැඩ තහනමට ලක්කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ලබන සතියේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වෙයි.
දිවයිනේ ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් හත්දෙනෙකුගේ මණ්ඩලයක් මගින් ඊට අදාළ පැමිණිල්ල සැකසීම මේ දිනවල සිදු කරන බව දැන ගන්නට තිබේ.
ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුව විධිමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කොට නිදහසට කරුණු නොවිමසීම, තමන්ට වඩා කනිෂ්ඨ නිලධරයකු ලවා තමන්ට එරෙහි මූලික විමර්ශනය කරවීම, සාමාන්‍ය වැඩ තහනමකදී පිළිගත් නීතිමය සම්ප්‍රදාය අනුව වැටුපෙන් හරි අඩක් අදාළ නිලධාරියාට ගෙවීම, වැනි මූලික නෛතික සම්ප්‍රදායන් පවා ආරක්ෂා නොකොට මෙම වැඩ තහනම ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව සහ තවත් හේතු කාරණා ගණනාවක් මත මෙම පැමිණිල්ල සකස් කරමින් පවතින බවද සඳහන්ය.
තමන්ගේ වැඩ තහනමට සැබෑ හේතුවූ බලධරයන් විසින් ප්‍රකාශිත සත්‍ය නොවන බව තහවුරු කරමින් ඊට බලපාන ලද අප්‍රකට නමුත් රසවත් සැබෑ ආන්දෝලනාත්මක හේතුවද මෙම නඩුවේදී හෙළිදරව් කිරීමට පැමිණිලි පක්ෂය අපේක්ෂා කරන බව නීති අංශ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
(lankalokaya | අධිකරණ වාර්තාකරු)

