අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
අද (02) අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර ඉන්දියාවේ කාෂ්මීරයේ ද රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබේ.
අද අලුයම 5.35ට පමණ සිදුව ඇති මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
