හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණියාය.
සිරිලිය අරමුදල්වල සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇය කැඳවා තිබෙන අතර 2026 ජනවාරි 27 වැනි දින ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා FCID හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි.
ඒ අනුව එදිනට පැමිණීමට නොහැකි බව ඇය සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට දන්වා සති දෙකක කාලයක් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත් ඇයට අද (03) පෙරවරුවේ FCID හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
