ඉතිහාසයේ බිහි වුණු අසංවේදී ම නායකයා ජනපති අනුර කුමාර දිසානායක - සුගීෂ්වර බණ්ඩාර

ඉතිහාසයේ බිහි වුණු අසංවේදී ම නායකයා ජනපති අනුර කුමාර දිසානායක - සුගීෂ්වර බණ්ඩාර

මේ රටේ බිහිවණු අසංවේදී ම නායකයා තමයි අනුර කුමාර දිසානායක යැයි වගකීමෙන්ම පවසන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයේ ස්ථිර නොකිරිම සම්බන්ධව අද (03) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය සඳහා සහය දැක්වීමට පැමිණි අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...

මේ තත්ත්වය උදා කරේ චන්දන සූරියආරච්චි

ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් විසින් ලබා දුන් මේ සංවර්ධන නිලධාරි පත්වීම් ගුරු සේවයට ස්ථිර කිරීම සඳහා ජී. එල්. පීරිස් අමාත්‍යතුමන් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබුණා. ඒවගේ ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් ගේ කාල සීමාවේ දී සාකච්ඡා හතරක් පැවැත් වුවා ගුරු සේවයේ පවතින ගැටලුව විසදීම සඳහා. නමුත් මාලිමා වේ චන්දන සූරියආරච්චි පාපිසි කෑල්ල එකල එම සියලු වැඩ කටයුතු සාකච්ඡා කඩාකප්පල් කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් ගේ රජය සාධනීය විසදුමක් දෙන්න තියෙද්දි චන්දන සූරියආරච්චි තමයි මේක හිඟන්න ගේ තුවාලය වගේ මේ ප්‍රශ්නය ඔද්දල් කර කර සැරව ගලන තැනට ගෙනාවේ. මේ සංවර්ධන නිලධාරින් පාරට ඇවිල්ලා මේ ප්‍රශ්නය ගැන තමන්ගේ දුක කියද්දි චන්දන සුරියආරච්චි ඒ පිළිබඳව සංවේ දී නෑ. ඒ දුක දැනෙන්නේ නෑ. ඒ නිසා ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට අපි කියන්නේ සංවර්ධන නිලධාරින් බොහෝ දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට රෝහල් ගත කර තියෙනවා. ඒ නිසා තව නිලධාරින් කීදෙනෙක් මේ ගැටලුව නිසා රෝහල් ගත කරන්න වෙයි ද, ඔවුන් ගේ ජීවත කීයක් අහිමි ‍වෙයි ද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මේ ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමන් ගේ අවධානය යොමු කරන්න කියලා අපි කියන්න කැමතියි. මේ රටේ බිහිවණු අසංවේදීම නායකයා තමයි අනුර කුමාර දිසානායක කියලා අපි වගකීමෙන්ම කියනවා.

ලංකාවේ ගුරු පුරප්පාඩු 36000ක්

මේ සංවර්ධන නිළධාරින්ට නැවත තරග විභාග තියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන් අවුරුදු 07 ක කාලයක් දිවි හිමියෙන් කැප වෙලා අනාගත දරු පරපුරේ දෑස් පාදන්න කටයුතු කරනවා. ඔවුන් රැකියා දෙකක් කරනවා. උදේ 7.15 සිට දවල් 1.15 වනතුරු පාසල් සිසුන්ට උගන්වනවා. ඒ වගේම 1.15 සිට සවස 3.30 වනතුරු පාසලේ අනිකුත් කාර්යාලීය වැඩ කටයුතු සඳහා යොමු වෙනවා. ලංකාවේ ගුරු පුරප්පාඩු 36000ක් තියෙනවා. ඒ නිසා මේ සංවර්ධන නිලධාරින් 16000ක් ගුරු සේවයේ ස්ථිර කිරීමට වහාම කටයුතු කරන ලෙස අනුර කුමාර ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමන්ට දුන්න බලය දැනටමත් ක්ෂය වෙලා ඉවරයි. දැන් ඡන්දයක් තිබ්බොත් ඇපත් නැති වෙන්න පරාද වෙනවා. ඒ නිසා තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත්තේ. ඡන්ද තිබ්බේ නැති වුනාට කමක් නෑ මේ සංවර්ධන නිලධාරින්ගේ ගැටලුව විසඳන්න කියලා අපි කියනවා. මේ වෙනුවෙන් මුළු රට ම ඔවුන් වෙනුවෙන් හිට ගන්නවා. අපේ ගරුතර ස්වාමින් වහන්සේලා, වෘත්තිය සමිති ඇතුළු සියලු දේශපාලන බලවේග සංවර්ධන නිලධාරින්ගේ ගැටලුව විසඳෙන තුරු එකාවන්ව සිටිනවා. එතකොට ඔබතුමාට ඔය සීත කාමරවල ඉන්න බැරි වෙයි. ඒ වගේම යන්න රටක් හොයාගන්න වෙයි කියලා කියන්න කැමතියි. ඒ නිසා මේ සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්නයට සංවේ දී ව කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.''

මෙම අවස්ථාවට: නව ජනතා පෙරමුණ පක්ෂ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ, දෙහිවල ආසන සංවිධායක අමිල කුරේ, රත්මලාන විහාර කොට්ඨාස සංවිධායක සමන් රණතුංග, ප්‍රකාෂ් සඳරුවන් සහ කොලොන්නාව ආසන ක්‍රියාකාරි එච්. එම්. ජයසිංහ ඇතුළු පක්ෂ ක්‍රියාකාරි පිරිසක් සහභාගි වූහ.

 

sugee2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න