තාවකාලිකව අත්හිට වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජන ක්‍රියාවලිය යළිත්...

තාවකාලිකව අත්හිට වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජන ක්‍රියාවලිය යළිත්...

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් සහ රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.

ඒ අතර 28වෙනි දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීම සිදු කළේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවල දී සිදු කළ ඉල්ලීම මත ය. එහිදී 27වෙනි දා පැවති සාකච්ඡාවේ දී පැය 48 ක කාලයක් තුළ මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ද මේ වනතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක වී නොමැත.

මූලික විමර්ශනයෙහි අතුරු වාර්තාව 29 වෙනිදා වන විට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට ලබා දී ඇති අතර එම වාර්තාවෙහි සඳහන් නියෝග ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා එම නියෝග ක්‍රියාත්මක කර නොමැත. මෙවැනි තත්ත්වයක් තුළින් විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ට නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවී ඇති අතර 09 වෙනිදා සිට අඛණ්ඩ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ඊයේ දිනයේ පැවති විධායක සභාවේ දී තීරණය කළේ ය.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ විසඳා ගත හැකි ගැටලු විසඳීමට අවශ්‍ය පියවර නොගැනීම සහ ප්‍රමාද කිරීම මත මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගවලට වෘත්තිකයන් ඇද දමන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාවකි. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා ගෙන් සහ ඇමතිවරයා ගෙන් සංගමය ඉල්ලීමක් කරන අතර වැරදි සිදු කරන පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාත්මක වන අදිසි හස්තය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා එවැනි නිලධාරීන්ට එරෙහිව කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ගෙන් අප ඉල්ලා සිටින්නෙමු.

 

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න