මොබිටෙල් පාලනාධිකාරියට එරෙහිව පෙළගැසෙමු -Mobitel Whistleblower Association

මොබිටෙල් පාලනාධිකාරියට එරෙහිව පෙළගැසෙමු -Mobitel Whistleblower Association

ආදරණීය මොබිටෙල් පවුලේ සාමාජිකයිනි,

අපගේ සහකාර සේවකයෙකු වන කුමුදු අබේයාදීර, ඊයේ HR සහ Audit කණ්ඩායම් විසින් පැය 10කට අධික කාලයක් පුරා සිදු කළ විමර්ශනය හේතුවෙන්, තද උරහිස් වේදනාව සහ අධි රුධිර පීඩනයට ලක්ව මේ වන විට තල්හේන ජනරල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔබට කනගාටුවෙන් දැනුම් දෙන්නෙමු.

එම විමර්ශනයෙන් අනතුරුව, මොබිටෙල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සමග බලහත්කාරයෙන් ඔහු ගේ නිවසට ගොස්, ඔහු ගේ බිරිඳගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් රැගෙන කාර්යාලයට ගෙන එනු ලැබී ය. දුරකතනය විවෘත කළ නොහැකි වූ විට, රික්සා ෆයිස්  විසින් කුමුදු මහතාට ඔහු ගේ බිරිඳ ගෙන් මුරපදය ලබාගෙන, එය තෙවන පාර්ශවයක IT සමාගමකට ලබා දීමට බලකර ඇත.

එම IT සමාගම විසින්, පුද්ගලිකව අයිති (privately owned) දුරකතන දෙකක දත්ත තමන්ගේ සර්වර්වලට බාගත කර, පසුව දුරකතන ආපසු ලබා දීමට උත්සාහ කර ඇත. නමුත්, තෙවන පාර්ශවයක් විසින් දුරකතන අයුතු ලෙස හසුරුවා ඇති බැවින්, කුමුදු  සහ ඔහු ගේ බිරිඳ එම දුරකතන භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, දෙදෙනාම මේ වන විට පොලිස් පැමිණිලි ගොනු කර ඇති අතර, පොලිසිය විසින් ආරක්ෂක කළමනාකරු සොයමින් සිටින බවද දැනගන්නට ලැබේ.

අපි මෙහි දී පැහැදිලිව කියා සිටින්නේ, අපගේ සේවකයාටත්, ඔහුගේ බිරිඳටත් සාධාරණය ඉටු විය යුතු බවයි. අපගේ බිරිඳන් සහ සැමියන්ගේ පුද්ගලික ජීවිත සහ ජංගම දුරකතන, මානසිකව අස්ථිර වූ COO සහ GM HR යන නිලධාරීන් අතින් ආරක්ෂිත නොවන බව මේ සිද්ධියෙන් පැහැදිලි වේ. බලය අයුතු ලෙස භාවිත කරමින්, නිරන්තරයෙන් සේවකයින් අත්හිටුවීම හා විමර්ශනය කිරීම, SLT-Mobitel ආයතනයේ නාමය සහ සමාගමේ ප්‍රතිරූපයට දැඩි හානි සිදු කරනු ඇත. ඒ හේතුවෙන්, පොලිස් අත්අඩංගුවට ගැනීම් සිදුවීමට පෙර, මෙම නිලධාරීන් දෙදෙනා ගේ සේවය ද වහාම තාවකාලිකව අත්හිටුවන ලෙස අපි ගරු සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා සිටිමු.

Mobitel Whistleblower Association

 

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න