වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පසුගිය සති කිහිපයේ පැවැති කාලගුණික වෙනස්වීමත් සමග ඕලුගල අධික සෙම් රෝගී තත්ත්වයකින් පෙළී ඇති බව එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් ඕලුගලගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බවද එම නිලධාරියා පැවැසුවේය.

