රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනට පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට හේතුව ස්ථානමාරුවීම් නොවන බවත් රජය තම ඉල්ලීම් නෙතකා හරිමින් කටයුතු කරන බැවින් පෙබරවාරි 11 වෙනිදා රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොළඹට කැඳවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.
ඔහු මෙසේ ප්‍රකාශ කළේ එම සංගමය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
රජය: සිනාසෙන්නේ, අපහාස කරන්නේ සහ විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ ලංකාවේ සිටින වෛද්‍යවරු 23,000ක් නියෝජනය කරන වෘත්තීය සමිතියකට බවත් තම සංගමය රජයේ ක්‍රියා පිළිවෙත ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද වෛද්‍ය හංසමාල් වීරසූරිය වැඩි දුරටත් පැවසී ය.

