කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායකට එරෙහිව කණ්ඩායමක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායකට එරෙහිව කණ්ඩායමක්

සාමාන්‍යයෙන් නීතිඥ සංගම් ශාඛාවක සභාපති ලේකම් තනතුරු අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීම සම්ප්‍රදාය වේ.

පළමු වසරේ ඡන්දයෙන් ජය ගතහොත් දෙවෙනි වසර නිතරඟයෙන් ලබා දීම ඒ අනුව සිදු වේ. එහෙත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව කණ්ඩායමක් තරග කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

මෙහි දී පසුගිය වසරේ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම, වන්නිනායක විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු කළ අශෝභන හැසිරීම ඇතුළු කරුණු රැසක් හේතු වී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් වන්නිනායක නිලධාරී මඩුල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෘත්තිය කටයුතු සිදු නොකරන පරිබාහිර අධිකරණ වන නීතිඥ කණ්ඩායමක් අනීතිකව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයින් බවට පත් කර ඇති අතර එයට එරෙහිව නඩු මගට යෑමට කටයුතු සූදානම් කෙරෙන බව වාර්තා වේ. එම කණ්ඩායම ප්‍රකාශ කරන්නේ 2025 වර්ෂය ආරම්භයේ සංගමයේ සාමාජිකයින් ගණන 295 ක් පමණ වූ බවත් එය වසරක් තුළ මේ වනවිට 500 ද ඉක්මවා ඇති බවත් ය. එසේ ම නීතිඥ සංගම් අනු ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් අධිකරණවල නීතිඥ සංගම් සාමාජිකයින්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලබා දී ඇති බවත් ය. එයට හොඳ ම උදාහරණය වශයෙන් ගල්කිස්ස නීතිඥ සංගමයේ හිටපු සභාපති අතුල රණගල ද මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයෙක් ව ඇති බවයි.

තව ද ගුණරත්න වන්නිනායකට හිතවත් මාලිගාකන්ද, කොටුව, මහර, ගම්පහ සහ වෙනත් උසාවිවල වෘත්තිය කටයුතු සිදු කරන පිරිසක් සඳහා එලෙස සාමාජිකත්වය ලබා දී ඇත.

මේ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ඡන්දය තීරණාත්මක සහ ගැටලු සහගත වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න