දෙව්නිමෝරි පුරාවිද්‍යාව ප්‍රෝඩාව පිළිබඳව මීට පෙර ද යම් යම් තොරතුරුහෙළිදරව් කළ ''සක්වල පවුර - Sakwala Pawura''youtube පිටුවෙන් මේ වන විට එම ප්‍රෝඩාවේ තවත් පියවරක් හෙළිදරව් කර තිබෙනවා.
මතු පළ වන්නේ එම හෙළිදරව්ව සහ ඊට අදාළ වීඩියෝ පටය යි.
දෙව්නිමෝරි පුරාවිද්‍යාව ප්‍රෝඩාව ගැන අපි විස්තර ඉදිරිපත් කළානේ. ඒකට සමහර අය මේ හමු උණේ අළු නෙමෙයි ධාතුන් වහන්සේලා කියලා කියන්න කෙස් පැළෙන තර්ක ගෙනයමින් ඉන්නව කියලා පේන්න තියෙනව. මේක අන්න ඒ අය වෙනුවෙන්.
මෙම භාජනයෙන් හමු වුණේ ධාතුන්වහන්සේලා නොව අළු බව මේ කියන්නෙ අපේ කවුරුත් නෙමෙයි. ඉන්දියානු පුරාවිද්‍යාවේ එම භාණ්ඩ බාරව ඉන්න අයම තමයි. තවත් ඔබ කියනව ද මේ අළු නෙමෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මොවුන් මේ සියල්ල අළු බව පවසනවා වගේ ම ත්‍රිපිටකයේ සඳහන් කරුණු මිථ්‍යාවක් බව පවසනවා. මෙය ඉතා බරපතළ තත්වයක්
දැන් මෙත් එක්ක අපිට අහන්න වෙනවා ත්‍රිපිටකයත් මිථ්‍යාවක් ලෙස සලකා ව්‍යාජ කතා ගොඩනගන ඉන්දියානු පුරාවිද්‍යාවේ ඉතිහාස පාඩම්ද අපි ඉගෙනගන්න ඕනි?
''සක්වල පවුර - Sakwala Pawura''

