අයවැයෙන් පොරොන්දු වූ පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් වහාම ස්ථිර කරන්නැයි විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ සංවර්ධන බැංකු ක්ෂේත්‍ර සහායක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ගේ ගැටලු සොයා බැලීමට පැවැති සාකච්ඡාවක් අවසානයේ අදහස් පළ කරමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
කොමිස් මුදල ක්‍රියාත්මක නොකිරීම ගිවිසුම කඩ කිරීමක්
''අප රටේ රාජ්‍ය බැංකු පද්ධතිය තුළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආර්ථික පුනර්ජීවන වැඩසටහනේ විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. මෙහි බැංකු ශාඛා 272ක ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් 492ක් සිටිනවා. බැංකුවේ ආදායම් මට්ටමට ලාභයට විශාල දායකත්වයක් මොවුන් ලබා දෙනවා. මොවුන් 2011 වසරේදී රු. 6000ක දීමනාවකට බදවා ගෙන අද එය 17500 දක්වා වැඩිව ඇති නමුත් එකඟ වූ ආකාරයට දීමනාවට ETF EPF ක්‍රියාත්මක වුවත් කොමිස් මුදලට එය ක්‍රියාත්මක නැහැ. එය ගිවිසුම් කඩ කිරීමක්.
ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් විශිෂ්ට සේවාවක් ඉටු කරනවා
අඩු පිරිවැය තැන්පතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට ලබා දී වැඩි ආදායම් ලාභ ලබා දෙන මේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයට අයවැය යෝජනාව තුළ ඇති විධිමත් ස්ථිර පත්වීම් ලබා දීම සිදු වෙලා නැහැ. 2026 අයවැය කතාවේ 46 පිටුවේ මෙවැනි සේවකයන් ගැන සඳහන් නමුත් මොවුන් ගේ පත්වීම් තවමත් ලැබී නැහැ. වත්මන් රජය බලයට ආවේ වැඩකරන ජනතාවට ශක්තිමත් කිරීමට වුවත් එය සිදු සිදු වෙන්නෙ නැහැ. දැන්වත් එදා කියු පරිදි මොවුන් ගේ ද රැකියා සුරක්ෂිත කරන්න; අයවැය කිව්ව ආකාරයට එය සිදු කරන්න.''

