'මිනරල් සෑන්ඩ්ස්' සභාපති ඉවත් කරලා !

'මිනරල් සෑන්ඩ්ස්' සභාපති ඉවත් කරලා !

මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සභාපති වශයෙන් කටයුතු කළ ගයාන් වෙල්ලාල පසුගිය මාසයේදී එම තනතුරෙන් ඉවත් කිරීම  නිසා ඇතිවූ පුරප්පාඩුවට මෙතෙක් පුද්ගලයෙක් පත්කර නැති අතර එම තනතුරේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු පත්කර ඇතැයි වාර්තාවේ.

ලංකා මිනරල් සෑන්ඩ් සභාපති වශයෙන් ටී අශෝක පීරිස් කටයුතු කරමින් සිටියදී ඔහුව ඉන් ඉවත්කර විෂයභාර ඇමති සුනිල් හඳුන්නෙත්ති ජාතික ලුණු සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ ගයාන් වෙල්ලාල එම තනතුරට පත්කළේය.

ටී අශෝක පීරිස් එම තනතුරට පත්කිරීමට පෙරත් මිනරල් සෑන්ඩ් ලිමිටඩ් හි සභාපති තනතුරේ වැඩ බැලීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ මහේෂ් අබේසේකර පත්කර තිබූ අතර වර්තමානයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ ද ඔහුමය.

( anidda.lk| ඉඳුවර බණ්ඩාර)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න