ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීයාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීයාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් ඊයේ (09) සිදුවිය.

ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධනය මෙන්ම කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳව මෙහි දී සාකච්ඡා කළේ ය. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක, ඇඟලුම් යනාදි කර්මාන්ත සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගත්තේ ය.

ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවා ලංකාවේ බෞද්ධ ජනතාවට වන්දනා කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීම පිළිබඳවත් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයත් සිහිපත් කළ ටිල්වින් සිල්වා ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කළේ ය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන අය ද සහභාගි වූහ.

මෙම සංචාරයේදී නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

 

tilvin1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න