වත්මන් රජයේ අදූරදර්ශී තීන්දු නිසා ධීවර කර්මාන්තයේ නියැළි ධීවර ජනතාව ගේ ජීවනෝපාය අහිමි වී කබලෙන් ළිපට වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (10) පැවති මා දැල් ධීවර ප්‍රජාව ගේ ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සමග එක්වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''දින පහක් පිට පිට අප රටේ මාදැල් තොටුපොළවල් 900කට ආසන්න ප්‍රමාණයක ධීවර කර්මාන්තයේ නියැළි ධීවර ජනතාව මහපාරට බැහැල තියෙන්නෙ ඔවුන් ගේ ජීවිකාව අහිමි වීම නිසා. කවදාවත් සහනාධාර පසුපස හඹා නොගිය මේ කොට්ඨාසය ධීවර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ලෙස හැදින්විය හැකි යි. වත්මන් රජයේ අදූරදර්ශී තීන්දු නිසා මොවුන්ගේ ජීවනෝපාය අහිමි වී කබලෙන් ළිපට වැටිලා. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය දුන් මේ ධීවර ප්‍රජාවට තවමත් රටේ විධායක ජනාධිපතිවරයා හමුවී සිය ගැටලු ඉදිරිපත් කරන්නට නොහැකි වී තිබෙනවා. දුකට පත් මාදැල් කර්මාන්තයේ නියැළී සිටින මේ ජනතාවට, ප්‍රෞඩ ලෙස ධීවර කර්මාන්තයේ නියැළුණ මේ ජනතාවට ජනාධිපතිවරයා හමුවී සිය දුක කියා පෑමට අවස්ථාව ලබා දෙන්න. එසේම ඔවුන්ගේ දුකට සවන් දී මොවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා වන පරිසර පද්ධතිය සුරක්ෂිත වන තිරසර ධීවර කර්මාන්තයකට මුල පුරන්න අවස්ථාව ලබා දෙන්න. මොවුන් ගේ ඉල්ලීම් අහක නොදා මොවුන් කඩිනමින් හමුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.''

