වහාම ජාතික ආගමික සංහිදියා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වහාම ජාතික ආගමික සංහිදියා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන, අඩත්තේට්ටම් කරන, පීඩනයට ලක් කරන, රටාවක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එම ප්‍රකාශයේ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් මෙසේ පවසයි.

රජයක් ලෙස සිදු කළ යුතු දෑ

''මෙය: අශිෂ්ට, අශීලාචාර, පහත් නොගැළපෙන, නුසුදුසු ක්‍රියාවක්. මේ නිසා මහා සංඝරත්නය සහ ආගමික නායකයන් කලකිරී කණගාටුවට ලක්වෙලා. අප රටේ ආගමික සිද්ධස්ථාන පද්ධතිය තුළ රටේ විශිෂ්ට ජන සමාජයක් බිහි කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආගමික පරිසරයක් තුළ බිහිවන දරුවන් ශීලාචාර ශිෂ්ටසම්පන්න විනයානුකූල දරුවන් හා පුරවැසියන් බවට පත්වනවා. නමුත් අද වන විට ආගමික සිද්ධස්ථානවලට බුදු පිළිමයක් වැඩම්ම වීම වරදක් කොට සලකා මහා සංඝරත්නය අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා. බුදුපිළිමයක් වැඩම්ම වීම අධිකරණ ක්‍රියාවලියට ලක් කිරීම සිදු නොවිය යුතු දෙයක්. රජයක් ලෙස සිදු කළ යුත්තේ පන්සල් පද්ධතිය, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර ඒ හරහා අප රටට ගුණවත් නැණවත් ආගමානුකූල විශිෂ්ට පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම යි.''

බුදුදහමට කරන නින්දාව

එසේ ම යම් ගැටලුවක් ඇති වන විට එය විසඳා ගැනීමට ජාතික යාන්ත්‍රණයක් තිබිය යුතු යි. පොලිසිය අධිකරණය හරහා මේ ගැටලු විසඳන්නේ නැතිව එක්සේසත්භාවය සංහිඳියාව සහෝදරත්වයේ නාමයෙන් ගැටලු නිර්මාණය වන විට ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. මහනායක ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයන් ගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යි. දැඩි ලෙස මහා සංඝරත්නය පීඩාවට පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට ලබා දී ඇති මූලිකත්වය පෙරටු කර ගෙන සංහිදියාව කේන්ද්‍ර කර ගත් ආගමික නායකයන් ගෙන් සමන්විත ජාතික ආගමික කවුන්සිලයක් රටට අවශ්‍ය යි. ඒ එකමුතුභාවය තුළ මේ ගැටලු විසඳා ගත හැකි යි. මෙවැනි ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක නොකර මහා සංඝරත්නය සිරගත කිරීම බුදුදහමට කරන නින්දාවක්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න