නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙතින් පැසසුම්...!

 නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙතින් පැසසුම්...!

රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්කරගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්‍යවස්ථා සභාව ඒ්කමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප සතුටට පත්වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ගෙවුණු ඉතිහාසය සැකීමේ දී 19වන සහ 21වන සංශෝධන තුළ රටේ ක්‍රියාත්මක වූ සෑම ව්‍යවස්ථා සභාවක් විසින් ම වැදගත් පත්වීම් සඳහා සිය අනුමතභාවය ලබා දී ඇත්තේ සීමිත අවස්ථා කිහිපයකදී හැර අන් සෑම අවස්ථාවක දී ම ඒ්කමතික එකඟතාවයෙන් බවත්  රටක් වශයෙන් සැලකීමේ දී එය සතුටු විය හැකි තත්ත්වයක් වන බැවින් අනාගතයේ දී ද එය එසේ වනු දැකීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ ම අපේක්ෂාව යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

මතු පළ වන්නේසාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය යි.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න