රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ප්‍රවාහන දීමනාව ඇතුළත් DAT දීමනාව වැඩිකිරීම, වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුළත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වේ.
එහි පියවරක් ලෙස ජනවාරි 22 සහ 23 GMOA විසින් දීප ව්‍යාප්ත දෙදින වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී.
වෛද්‍යවරුන්ගේ දීමනාව ඉහළ නැංවීම ඇතුළු මෙම ඉල්ලීම් ලබාගැනීම සඳහා ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවිකා, හෙද, පරිපූරක වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායක, ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිතිවල සහාය ලබා ගැනීමට GMOA මූලස්ථානයේ දී සාකච්ඡා වට කීපයක් පැවති බව වාර්තාවේ.
ඒ සඳහා GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඇතුළු වෛද්‍ය නිලධාරීන්ට අමතරව රවී කුමුදේශ්, දේවිකා කොඩිතුවක්කු, සමන් රත්නප්‍රිය, යන අයද සහභාගි වී ඇත.
කෙසේ වෙතත් මෙහි දී වෛද්‍යවරුන් ගේ ඉල්ලීම් ඉටුකරවා ගැනීම සඳහා ඒකාබද්ධ වැඩවර්ජනයක් කැඳවීමට නොව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කිරීම ගැන සාකච්ඡා කළ බව සාකච්ඡාවලට සහභාගිවූ පාර්ශව කීපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත.

