2026 පෙබරවාරි 13 වැනි සිකුරාදා මහ දවල් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය ආසියාවේ බටහිර පදනම් කරගත් පැරණිතම නීති පද්ධතියේ අඛණ්ඩතාවට එක එල්ලේම බලපාන බවත්, එය දැනටමත් ඝාතන ගණනාවකින් සොලවා ඇති නීතිය සහ සාමය පවත්වාගෙන යෑම කෙරෙහි දැවැන්ත අහිතකර බලපෑමක් ද ඇති කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මේ ඝාතන ඇතුළුව නීතිය සහ සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්විය යුතු බවත්, නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර මේ කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත් කළ යුතු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.


