''සියලු කාන්තාවන් සහ ගැහැනු දරුවන් ගේ අයිතිය සහ යුක්තිය වෙනුවෙන් ක්‍රියා කරමු "යන තේමාව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත.
ජාත්‍යන්තර කාන්තා දිනය ඒකාබද්ධව සැමරීම සඳහා වන සාකච්චාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල කාන්තා නියෝජිතයන්ට ආරාධනා කරන ලදි.
ඒ අනුව රැස්වූ පක්ෂ නියෝජිතවරියන් අද අප රටේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් මුහුණ දෙන අනේකවිධ සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු කෙරේ අවධානය යොමු කරමින් 2026 මාරතු 8 ට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂවල කාන්තා සංවිධාන එක්සත්ව ඒකාබද්ධව සැමරීමට එකඟත්වය පළ කරන ලදි.
ඒ අනුව මෙහි මුල් පියවර වශයෙන් මාර්තු මස මුල් සතියේ දිනක මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීමටත් ඒකාබද්ධ ජාත්‍යන්තර කාන්තා දින පණිවුඩය එදින ඉදිරිපත් කිරීමටත් යෝජනා සම්මත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
