සැබැවින් ම බුදු දහම අනතුරෙහි වැටී ඇති නම් ඒ සඳහා වගකිව යුත්තේ රජය නොව භික්ෂූන් වහන්සේලා ම යැයි පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වදාළේ ය.
උන්වහන්සේ මෙසේ වදාළේ ස්වාධීන රූපවාහිනය ඉදිරිපත් කරන 'කරළිය' වැඩසටහන සමග සම්බන්ධ වෙමිනි.
රාජ්‍ය පාලකයාට රට පාලනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා ගේ හිතෛශී බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

