ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.
එම අවස්ථාවේ දී AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ජනපති අනුර කුමාර දිසානායක ස්තූතිය පළ කර ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජනාධිපතිවරයා, දිට්වා සුළි කුණාටුව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කර ඇත.


