ෆේස්බුක් හි සිටින ආණ්ඩුවේ ආධාරකරුවනි,
බාල ගල් අඟුරු නිසා කිසිදු පාඩුවක් සිදුවී නැතැයි තවදුරටත් ෆේස්බුක් එකේ කමෙන්ට් යුද්ධ කිරීමෙන් පලක් නැත.
සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19වෙනි දා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී ඇත.
නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව මේ ලිපියේ සඳහන් වේ.
මේවා සුද්ධ කිරීම පහසු නැත. වරදක් සිදුවූ බව පිළිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීම යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ බව අමතක නොකරන්න.
සිදුවූ පාඩුව විදුලි ගාස්තුවලට එකතුකර, ජනතාව මත පැටවීම වෙනුවට හානිපූරණය සඳහා විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බල කරමු.
පුබුදු ජයගොඩ


