මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින් ගේ යුග මෙහෙවර ඇගයෙන රසික සම්භාෂණය පෙබරවාරි 26වන දින උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය පරිශ්‍රයේ දී පැවැත් වේ.
මෙහි දී: පොත්, ඡායාරූප ප්‍රදර්ශනය සහ 'විකුම්සිහ වත' කෙටි චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරේ.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පවත්වනු ලබන මුඛ්‍ය දේශනය සවස 03.00ට පැවැත්වේ.
උත්සවය සංවිධානය සහ මෙහෙය වීම: බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය යි.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් සංවිධායක මණ්ඩය ආරාධනා කරයි...!


