ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද(20) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සිය ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වුවත් තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවක නිවාඩු අවලංගු කර ඇති බවත් එබැවින් සියළුම සේවකයන් ඊයේ (19) පටන් සිය සේවා ස්ථාන වෙත වාර්තා කල යුතුව ඇති බව තැපැල්පති රෝහණ අභයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබු අතර එසේ සේවයට වාර්තා නොකරන සියළු සේවකයින් සේවා අත්හැර ගියාසේ සළකන බවද එහි සඳහන් කර තිබිණ.
නමුත් තැපැල් වෘත්තීය සමිති සඳහන් කර සිටින්නේ තම ඉල්ලීම් ඉටුවන තුරු කවර බලපෑමක් මධ්‍යයේ වුවත් වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කරන බවය.

