2019 වසරේ එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ නොකළ යුතු යැයි සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කරයි.
උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ අද (26) දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වසර කිහිපයක් තිස්සේ ඇදී යන මෙම විමර්ශන හරහා වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම රජයේ සහ අදාළ අංශවල වගකීමක් බවත්, සත්‍යය හෙළි කරගැනීම සඳහා සිදුකරන ක්‍රියාවලියට බලපෑම් කිරීම හෝ එය යටපත් කිරීමට උත්සාහ කිරීම බරපතළ තත්ත්වයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

