නොරොච්චෝලේ අළු වැස්සක් !

නොරොච්චෝලේ අළු වැස්සක් !

ඊයේ (19) සවස 3.15 සිට 3.45 දක්වා නොරච්චෝල විදුලි බලාගාරයේ කවුළු තුළින් දැවැන්ත අළු වර්ෂාවක් පිටතට පැමිණීමත් සමගම ගම්මාන 4 ක් පුරා ගල්අගුරු අළු පැතිර ගොස් ඇති බවත්  බලාගාරය අසල වගා බිම් නිවාස ඇතුළු සෑම තැනම අළු වලින් වැසී ඇති බවත් වාර්තා වෙයි.

කැෆේ සංවිධානය සඳහන් කර සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධව  ජනතාව විසින් පැමිණිලි කිරීමෙන් පසුව මේ වන විට බලාගාරයේ යන්ත්‍ර‍  අක්‍රීය කොට ඇති බවත්  ‘බෙල්ට් එකේ ප්‍ර‍ශ්නයක් නිසා මේ තත්වය ඇතිවු බවත්, ඉක්මනින් ප්‍ර‍තිසංස්කරණය‘ කරන බවත් විදුලිබල මණ්ඩලයේ බලාගාර නිලධාරියෙකු පවසා ඇති බවය.

පසුගිය මාස කිහිපයේ අවස්ථා 8 ක දී බලාගාරයේ විවිධ කාර්මික දෝෂ වාර්තා වූ අතර මේ වන විට විශාල වශයෙන් දෛනිකව මහ මුහුදට අළු මුදාහරිමින් සිටී.  අපද්‍ර‍ව්‍ය මුහුදට එක් කිරීමට දිගින් දිගටම සිදුවන අතර කාර්මික අපද්‍ර‍ව්‍ය පිරිපහදුව හෝ සිදු නොවේ.

විදුලි බලාගාරයේ අළු අංශ අනුරාධපුරය දක්වා පැතිරෙන බව විශේෂඥයින් ඉදිරිපත් කළ මතය විදුලි බලධාරීන් ප්‍ර‍තිකේෂ්ප කරන නමුත් අද ඇති වූ අළු වාර්ෂාව මුළු ප්‍රදේශය වසා ගනිමින් සිදු කර ඇති විනාශය අතිමහත්ය.

මේවන විට නොරච්චෝල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන් පරිසර බලපත්‍රයක් හෝ නොමැතිවය.  විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් ලබාදුන් නිර්දේශ 28න් කිසිවක් මේ දක්වා ක්‍රියාත්මක කර නැත. මේ පිළිබද සාකච්ඡා කිරීම සදහා කැදවා තිබූ රැස්වීම ද දින නියමයක් නොමැතිව කල් දැමීමට විදුලි බලධාරීන් පසුගිය සතියේ කටයුතු කර තිබුණි. රු. 7.40 ක මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කළ හැකි බවට විදුලි ඉංජිනේරුවන් සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් නොරච්චෝල තවත් ගල් අගුරු බලාගාරයක් ඇරඹීමට මේ වන විට සුදානම් වේ. 

35

නොරච්චෝල බලාගාරය මේ වන විට ක්‍රියාත්මක වන්නේ 45% ක ධාරිතාවයකිනි.  ලංකාවේ දැවැන්තම පාරිසරික විනාශය සිදු කරමින් ක්‍රියාත්මක වන නොරොච්චෝල බලාගාරය දේශපාලනඥයින්, නිලධාරීන් හා ඉංජිනේරුවන් කිහිප දෙනෙකුට දැවැන්ත මුල්‍ය වාසි ලබාදෙන ඉල්ලමක් බවට පත්වී ඇතැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න