මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර පසුගියදා විශ්‍රාම ගැන්වූ නමුත් ඔහුව යළිත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා පත්කර තිබේ.
අනතුරුව කැබිනට් අනුමැතිය මත ඒ මහතා ඊයේ (19) දින සිට යළිත් එම ධුරයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
ඒ, පොලිස් කොමිසමේ නිර්දේශය මතය.
මෙතෙක් තාවකාලිකව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාය.
රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ බරපතල වංචා දුෂණ රැසක් සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකර නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇති ලිපිගොනු වලට අදාල නීතිමය කටයුතු කඩිනම් කිරීම මේවනවිට ඔහුට පැවරී ඇති රාජකාරිය වී ඇත.
කෙසේ වුවත් රවී විද්‍යාලංකාර මහතා ධුරයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ පොලිස්පතිවරයා නිර්දේශ ඉදිරිපත් කර තිබුණේ ඔහු සම්බන්ධව විමර්ශන 2ක් ඇති බැවින් ඒ අවසන් වන තුරු විශ්‍රාම වැටුප් පවා අහිමි වන ආකාරයට විශ්‍රාම ගැන්විය යුතු බවටය. එහෙත් පොලිස් කොමිසම එම නිර්දේශයන්ට අදාළ කරුණු විමර්ශනය කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත පොලිස්පති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

